පුද්ගලයන් ඉලක්ක කර රැගෙන එන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයකට සහාය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට ඇත.
පසුගිය දින කිහිපය පුරා පොහොට්ටුවේ ප්‍රධානීන් සහ එහි මන්ත්‍රීවරුන් අතර බත්තරමුල්ලේ පිහිටි නෙළුම් පොකුණ කාර්යාලයේ පැවැති සාකච්ජාවලදී මෙම තීන්දුව ගෙන තිබේ.
එම සාකච්ජා සදහා සහභාගී වූ මන්ත්‍රීවරුන් 83 දෙනකු ඊට එකගතාව පළ කොට ඇති බවද දැනගන්නට ඇත.
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය දැරීම සදහා පොහොට්ටුව සහාය දුන්නේ ආර්ථිකය ගොඩගැනීමට මිස ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමට නොවන බවකි.
#JustinNews