අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මෙරට වැඩබලන ජනාධිපති වරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දින 7 ක කාලයක් සඳහා වැඩබලන ජනාධිපති ලෙස වික්රමසිංහ කටයුතු කිරීමට නියමිතය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන අද නිවේදනය කළේ ඉදිරි දින හතක කාලය ඇතුළත නව ජනාධිපති වරයෙක් පත් කිරීමේ ක්රියාවලිය පාර්ලිමේන්තුව හරහා සිදුකරන බවයි.
එතෙක් අග්රාමාත්යවරයා වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.