එහි සඳහන් ආකාරයට රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය ලබා දීමට ප්‍රධානම හේතුව අරගලයයි. අරගලයට ජන විරෝධයක් එල්ල කිරීම මෙහි ප්‍රධාන අරමුණු වලින් එකක් බව වාර්තාවේ සඳහන්.

එම විශේෂ වාර්තාවේ සම්පූර්ණ සටහන –

මාසයක් පුරා පැවති තරුණ අරගලය නිසා රාජපක්ෂවරුන්ට සිදු වූයේ සුළුපටු හානියක් නොවේ. දිනෙන් දින රටේ ජනතාව අරගලයට පූර්ණ සහය දීමට පටන් ගැනීම නිසා සහ නීතීඥ සහය අරගලයට ලැබීම තුල නීතිමය වශයෙන් හෝ වෙනත් ආකාරයකින් අරගලකරුවන් පලවා හැරීමට රජයට නොහැකි විය.

පොලීසිය හරහා අධිකරණයෙන් කිහිප වරක්ම ඉල්ලීම් කලත් ඒ කිසිවකට යහපත් තීන්දුවක් අධිකරණයෙන් නොලැබුනා පමණක් නොව අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ පොලිස් වාහනත් ඉවත් කරන්න සිදුවිය.

රඹුක්කනදී මැර ප්‍රහාරයක් මගින් බිය ගන්වා ජනතාව ආණ්ඩුවට විරුද්ධ වීම වැළක්වීමට උත්සහයක් දැරුවත් ඉන් සිදුවූයේ ජන විරෝධය තව තවත් ඉහළ යාමය.

අරගලයට නායකත්වය දෙන පිරිසට එරෙහිව පොත් පෙරළමින් පොලීසි පීරමින් නඩු සෙව්වේය. එයින්ද පවතින නඩුවක් ඇද ගැනීමට හැකි වූයේ සන්නස්ගලට පමණි.

ඉන් නොනැවතුණ ආණ්ඩුව විශේෂ ඔත්තුකරුවන් යොදවා අරගල භූමියේ වරදක් සෙවීමට උපරිම උත්සහ කලේය.

ඊට අමතරව රජයට හිතවත් මාධ්‍ය වලට දැනුම් දුන්නේ අරගලයේ රූපරාමු විකාශය කිරීමේදී සෑමවිටම අරගලය විහිළු සහගත ලෙස හුවා දක්වන ලෙසයි.

පසුව එම නාලිකා අරගල භූමිය “කානිවල්” එකක් ලෙස ජනගත කිරීමට උත්සහ කලේය.

නමුත් ඉන් සිදුවූයේ එම නාලිකා වල රේටිං ඉතා වේගයෙන් පහත වැටීමයි. පසුව ඔවුන් එම කටයුත්තෙන් ඉවත්ව ජනතාව වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම් බව හඟවමින් ප්‍රවෘත්ති විකාශය කිරීමට පටන්ගත්තේය.

කරන කරන දේ අසාර්ථක වූ රාජපක්ෂවරු සිටියේ අතිශය කිපුණු ස්භාවයෙනි.

මහින්ද ප්‍රමුඛ කණ්ඩායමක් පසුව සැලසුම් කලේ මහින්දට සහය දක්වමින් විශාල ජනතාවක් කොළඹට කැඳවා අරගලයට ප්‍රහාරයක් එල්ල කිරීමයි.

නමුත් ඔවුන් බලාපොරොත්තු වූ තරම් ජනතාවක් කොළඹට නොපැමිණීම නිසා ඇතැම් හිටපු ඇමතිවරු තමන් දන්නා හඳුනන මැර කණ්ඩායම් කිහිපයකට මෙය භාර දුන්නේය.

ඊට පිටතින් පැමිණි ජනතාවගෙන් කොටසකුත් එක් කලේ සැකයක් ඇති නොවන්නටය. මීට පොලීසියේ උපරිම සහය හිමිවිය.

නමුත්… බලාපොරොත්තු නොවූ ආකාරයට එම ක්‍රියාවලිය අසාර්ථක විය. අසාර්ථකත්වය කෙසේද යත්, මහින්දට අගමැති තනතුර පවා අත් හැරීමට සිදුවිය.

රාජපක්ෂ නාමයට එල්ල වූ කළු පැල්ලමෙන් ඉයවහ ගිය කේන්තියෙන් සිටි රාජපක්ෂ ප්‍රභලයා ජනාධිපතිට යෝජනාවක් කලේය.

මෙම සැලසුම ඉතා දීර්ඝ වශයෙන් සැලසුම් කල එකකි.

රනිල්ට අගමැතිකම ලබා දෙමින් ආණ්ඩුව පැවරූ බව හැඟවීම…

ක්ෂණිකව ජාතිය ඇමතීමක් සූදානම් කර රනිල් වික්‍රමසිංහටත් කතා කර (ජනපතිගේ සාකච්ඡාවට පෙර අදාල සාකච්ඡාව සිදු කලේ රාජපක්ෂ ප්‍රභලයා විසිනි)

අගමැති ධූරය ලබා දීමට තීරණය කලේය. එමගින් ජනතාවට සහන සැලසීමට විශාල සැලැස්මක් සිදු කර ඇති අතර ඊට ප්‍රධානම හේතුව ජනතාවගේ දුක නිවීම වත් රට ගොඩනැගීමවත් නොවේ.

තම නාමය කෙලෙසූ සහ මෙතෙක් ලැජ්ජාවට පත් කල අරගල භූමිය වැනසීමය.

අරගලයට මහජන විරෝධයක් එල්ල කිරීම, එමගින් අරගල භූමිය ඉවත් කිරීම, ජනතාව කුපිත කිරීමේ වරදට තමන්ට විරුද්ධ වූ ප්‍රධාන චරිත අත්අඩංගුවට ගැනීම, කලින් සිදුකල සැලසුමකට අනුව මෙරට සංචිතය ඉහළ දැමීම, එමගින් ජනතාවට දැනෙන මිල පහළ දැමීමක් සිදු කිරීම, එමගින් අරගලයේ ඉල්ලීම් යටපත් කිරීම

ඉදිරියේදී පැමිණෙන සැලසුම් වේ. එමෙන්ම ජන විරෝධය හමුවේ ජවිපෙට සහ සජබෙට ඇති වූ මහජන ආකර්ෂණය බිඳ දැමීමත් මෙහි තවත් එක් අරමුණකි.

ඊට අමතරව අරගලය ඇතුලතම මත ගැටුමක් ඇතිකර අරගලයට පිටතින් හිමිවන සහයෝගය (මූල්‍ය සහ අනෙකුත් අවශ්‍යතා) සම්පුර්ණයෙන්ම බිඳ දැමීම ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිදුවේ.

එහි ඇතැම් කොටස් දැනටමත් පෙන්නුම් කරමින් පවතින අතර,

01. අගමැති දිවුරුම් දී පැය 24ක් යාමටත් මත්තෙන් ඩොලරයේ අගය පහත වැටීම.

02. අරගලය ඇතුලත මතභේද ඇතිවීම.

03. රනිල් පිළිබඳ සුභවාදී අදහස් රජයෙන්ම ජනගත කිරීම.

04. එජාප කණ්ඩායම් අරගල භූමියෙන් ඉවත් වීම.

05. ආණ්ඩු පක්ෂයේ සම්පුර්ණ සහය රනිල්ට හිමිවීම.

තව තව දේ ඉදිරියට සිදුවීමට නියමිතය. කාටත් කලින් ඒ පිළිබඳ JUST IN NEWS හරහා ඔබවෙත සමීප කිරීමට මා සූදානම්.

  • රජයේ අභ්‍යන්තර විශේෂ වාර්තාකරු. (JUST IN)
One thought on “🔴 EXCLUSIVE : අරගලය ‘අල’ කරන්න ගහපු තුරුම්පුව…”

Leave a Reply

Your email address will not be published.