නව අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතා අද සවස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගත හැකි නම් අගමැතිධුරය පිරිනැමිය හැකි බව ඊයේ රාත්‍රී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්චාවේදී ප්‍රකාශකර ඇතැයිද වාර්තාවේ.

මේ වන විට සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හි මන්ත්‍රීවරු රැසක් රනිල් වික්‍රමසිංහම මහතාට සහාය පළකිරීමට මේ වන විට කැමැත්ත පළකර ඇතැයිද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published.