ලබන අගෝස්තු 09 වනදා මර්ධනයට මුලපිරූ ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව නැවත වරක් කොළඹ වැටලීමට කටයුතු කරන බව වසන්ත සමරසිංහ පවසයි.
පළමු වරට අරගලයෙන් ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කලේ පත් වූ දින සිට අද දක්වාම දැඩි මර්ධන ක්‍රියාවලියක් සිදු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජපක්ෂලාගේ උවමනාවන් ඉටුකරමින් සිටින බවත් ලබන 09 වනදා ධූරය හැර යාමට තමන්ද සූදානමින් සිටින ලෙසත් ය.
ඔහු මේ අදහස් පළ කලේ මීට කෙටි වේලාවකට පෙර නුගේගොඩ පැවති රජයට එරෙහි ජන රැළියේදීය.
ජන රැළියට ජවිපේ ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, කළාකරුවන් ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියේය.
Generally I don’t learn article on blogs, but I wish to say that this write-up very compelled me to try and do it! Your writing taste has been surprised me. Thank you, very great post.