අප්‍රිකානු කලාපයේ පැතිර යන  වඳුරු පැපොල  රෝගය ශ්‍රී ලංකාවටද පැමිණිය හැකි හෙයින් සියලු දෙනා ඒ ගැන කල්පනාවෙන් පසුවිය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

ඒ රෝගය මෙරට පැතිර ඇත්දැයි සෙවීමට  ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

වඳුරු පැපොල වැළඳුණු රෝගීන් අනූ දෙදෙනෙකු  මේ වනවිට වාර්තාවී ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ සිට පැමිණෙන පුද්ගලයන්ගෙන් රෝගය  සම්ප්‍රේෂණය විය හැකි බවද  කිවේය.

සමේ සැරව බිබිලි මතුවීම  සහ  උණ ගතිය මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවත්  එවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සිටී  නම් ඔවුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් බවත් දීපාල් පෙරේරා මහතා පැවසීය.

මේ අතර  මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් බෝවන රෝගවලින් ආරක්ෂා කර ගැනීම   වැදගත් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ඒ දරුවන්ගේ මානසික සෞඛ්‍ය සහ  පෝෂණය ගැන මවුපියන් වෙනදාටත් වඩා උනන්දු විය යුතු බවද  ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.