බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී හෙට කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කුරුදුවත්ත පොලීසිය විසින් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම විරෝධතා වලදී යම් සාමය කඩවීම ක්‍රියාවක් හෝ දේපළවලට හානි කිරීමක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය තිබෙන බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර සිටියා.

Leave a Reply

Your email address will not be published.