බස් ගාස්තු වැඩි කිරීමේ ඉල්ලීමට අදාළ නිර්දේශ ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදුන් බවත්, ඒ සඳහා අනුමැතිය ලැබුණු බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ඊයේ (29) පැවසීය.

ඒ අනුව බස් ගාස්තු සංශෝධනය අද (30) දිනයේ එළිදක්වන බව ද හෙතෙම කීය.

අවම බස් ගාස්තුව හා අනෙකුත් ගාස්තු සියයට කීයකින් ඉහළ නංවා ඇත්ද යන්න විමසීමේදී ඒ ගැන පැවසිය නොහැකි බවත් නිශ්චිතවම එය අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව ද ඒ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.