හෙට දිනයේදී දිවයින පුරා සියයට 100 ක බස්රථ ධාවනයක් සිදුකිරීමට සැලසුම් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ හෙට සිට සතියේ දින පහ තුළම පාසල් පැවැත්වෙන බැවින් පෞද්ගලික බස් රථ ධාවනය යථා තත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇති බවයි.

ඒ අනුව හෙට දිනයේදී බස් රථ 12 000 කට ආසන්න ප්‍රමාණයක් ධාවනය වනු ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර දිවයින පුරා ප්‍රදේශ කිහිපයක ඉන්ධන ගැටලුව හේතුවෙන් බස් රථ ධාවනය ඇනහිට ඇති බව ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල බස් ධාවනය අවම වන බැවින් පාසල් දරුවන් ඇතුලු මගී ජනතාවට සිදුවන අපහසුතාවලට සිපෙට්කෝ ආයතනය වගකිව යුතු බවටයි ඔහු චෝදනා කළේ.

Leave a Reply

Your email address will not be published.