අන්තරයේ අරගලයදා රාත්‍රියේ ජනතාව ඇමතූ මේ දමිළ කොල්ලා කවුද කියල හැමෝම හොයන්න ගත්තා. යාපනය විශ්වවිද්‍යාලයේ අන්තරේ සාමාජික ප්‍රශාන්ත්…

සැබවින්ම දක්ෂයෙක්..

අපි ඔහුසමග කතා කලා…

⭕ ඇත්තටම ප්‍රශාන්ත්, ඔයා කොහොමද එකපාරටම උඩට ආවෙ?

ඔව් අයියෙ, ඇත්තටම මම එකපාරටම උඩට ආපු කෙනෙක් නෙමෙයි. රටේ ජනතාව වෙනුවෙන් කැම්පස් කොල්ලෙක් හැටියට වැඩ ගොඩක් කාලයක ඉඳන් කරපු කෙනෙක්. මට ඕනි මේ රට එක්සේසත් වෙනව දකින්න.

යාපනයයි දකුණයි ඇත්තටම තවම ලොකු එකමුතුවක් නෑ. ඒකට හේතුව දේශපාලනය. අපි සිවිල් ජනතාව විදිහට එකතු වෙලා ඒ බේද බින්න කිරීම පරාජය කරන්න ඕනි.

⭕ ඇත්තටම ප්‍රශාන්ත් ඔයා මොනවද මේ තරම් කරල තියෙන වැඩ?

මම දැනට මගේ සල්ලි වලින් වැඩ ගොඩක් කරල තියෙනව. ළමයිට පුස්තකාල හදන වැඩ. ඇත්තටම රට වටෙම දුප්පත් ගම්මාන ගොඩක පුස්තකාල ගොඩක් හදල තියෙනව. ඒ වගේම ළමයිට පොත්පත් අරන්දෙන වැඩ.

කොරෝනා කාලෙ හැමෝගෙන්ම භාණ්ඩ එකතු කරල දුප්පත් මිනිස්සුන්ට බෙදල දෙන වැඩ..

ඔයවගේ වැඩසටහන් ගොඩක් කරල තියෙනව. දවසම කියන්න පුළුවන් අයියෙ.

⭕ ඔයාට වියදම් කරන්න සල්ලි?

ඔව් අයියෙ. අපිට කඩවල් තියෙනව. බිස්නස් කරනව තාත්ත. ඉතින් එයාගෙන් අරන් තමයි වැඩ කරන්නෙ. ඊට අමතරව අපේ වැඩ වලට උදව් කරන්නත් මිනිස්සු ඉදිරිපත් වෙනව.

⭕ ඔයා අන්තරේට සම්බන්ධ වෙන්නෙ?

මම වසන්ත අයියගෙ මාර්ගයෙන් තමයි සම්බන්ධ වෙන්නෙ. මම ඇත්තටම කැමතියි අපි ශ්‍රී ලාංකිකයො විදිහට එකට එකතු වෙලා වැඩ කරන්න.

⭕ ඔයාට චන්දයක් ඉල්ලන්න එහෙම බලාපොරොත්තුවක් තියෙනවද?

(හිනා…) අපෝ අයියෙ නෑ.. මම ශ්‍රී ලාංකිකයෙක්. අපිට මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න පක්ෂ පාට දෙශපාලනය ඕනි නෑ. අපි තරුණයො වැඩ කරේ නැත්තම් කවුද අයියෙ වැඩ කරන්නෙ

⭕ ඒක ඇත්ත. ඉතින් ඔයාලගෙ උද්ඝෝෂණ වලින් ඔයාට ප්‍රශ්න ඇවිල්ල නැද්ද?

කියල වැඩක් නෑ අයියෙ. කොයිවෙලේ මරල දායිද.. උස්සයිද දන්නෙ නෑ.. තරුණයො වැඩ කරනවට දේශපාලනේ කැමති නෑනෙ කොහොමත්.. ඒත් ජීවත් වෙලා ඉන්නකල් මිනිස්සුන්ට වැඩක් කරන්න ඕනි අයියෙ. එච්චරයි.

⭕ අපි දැන් මේක Publish කලොත් ඔයාට ප්‍රශ්නයක් වෙයිද?

ප්‍රශ්නයක් වෙන්න දෙයක් නෑ අයියෙ.. අවශ්‍ය අය ලඟ අපේ තොරතුරු ඕනවටත් වැඩිය ඇති.

මට බය අවංකවම රට වෙනුවෙන් වැඩ කරල අපිවත් ඩයස්පෝරා ගානට දායි කියල. මොකද එහෙම කිව්වම මිනිස්සු පිලිගන්නවනෙ.

⭕ ඇත්තටම ඔයා මාර කොල්ලෙක් මල්ලි. මං ඔයාට සුභ පතනව. ඔයා ඉගෙන ගන්න ආයුර්වේද වෛද්‍ය ඉගෙනුම් අවසන් කරල රටට සුන්දර වෛද්‍යවරයෙක් වෙන්න කියල…

ගොඩක් ස්තූතියි අයියෙ මට ඔයාලගෙන් අවස්ථාවක් දුන්නට. මං මගේ ලංකා අම්මට ගොඩක් ආදරෙයි. අපිට කරන්න බැරි දෙයක් නෑ..

අරගලයට ජයෙන් ජයම වෙන්න ඕනි…

Leave a Reply

Your email address will not be published.