ඉහළ ගිය සිමෙන්ති මිල හමුවේ දිවයින පුරා ප්රදේශ රැසක ඉදිකිරීම් කටයුතු නවතා දැමීම හේතුවෙන් සිමෙන්ති අලෙවිසැල් වල සිමෙන්ති තොග ‘ගල්’ වීමේ තත්වයක් උදාවී ඇති බව වාර්තා වේ.
හැටන්, බදුල්ල, මොණරාගල, දෙහිවල, ලබුකැලේ, රත්ගම ඇතුළු ප්රදේශ රැසකින් මෙම තත්වය වාර්තා වන අතර බොහෝ අලෙවිසැල් සිමෙන්ති තොග සඟවා සිටි බව ජනතාව චෝදනා කරයි.
එමෙන්ම සිමෙන්ති සමාගම් සිමෙන්ති තොග නැවත භාරගැනීමද ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.