රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය ප්‍රකාශයට පත් කළා.

පසුගියදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් ොොළඹ, කොටුව පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ජෝශප් ස්ටාලින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා

Leave a Reply

Your email address will not be published.