මේ මොහොතේ රට ගොඩ ගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධන හෝ මැතිවරණ හෝ පැවැත්වීමට යන උත්සාහ කරන්නේ නම් ඔවුන් අමු පිස්සන් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.

රට ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය ලබා දිය යුතු බව ඔහු පවසයි.

එසේ ලබාදුන සති දෙකක් ඇතුළත පවතින ප්‍රශ්න රැසකට විසදුමි හිමි වනු ඇති බව ද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කාර්යභාරය ද දැඩිව විවේචනයට ලක්කළ පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළේ සජිත් ප්‍රේමදාසගේ කකුලේ මහපටගිල්ලේ සිට හිස් මුදුන දක්වා ඇත්තේ මෝඩකම සහ ගොන්කම පමණක් බවය.

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර දැමූ සජිත් ප්‍රේමදාසද මෙම අර්බුදයට වගකිව යුතු බවයි ඔහු චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published.