හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු සිංගප්පූරුවේ රැඳී සිටිමට ඇති වීසා කාලය අවසන් වීම නිසා තායිලන්තය බලා පිටත් වනු ඇති බවත් එහි ද කෙටි කාලයක් රැඳී සිටිනු ඇති බව රොයිටර් පුවත් සේවය කියා සිටියි.