රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් ජනතාව විසින් මඩකලපුවේදී එලවා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමට ඇමතිවරයා පැමිණි අවස්ථාවේදීයි.
මෙම මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීම සඳහා අමාත්‍යවරයා පැමිණි මොහොතේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම ස්ථානයට එකතු වී තිබෙනවා.
ඒ අවස්ථාවේදී එල්ලවූ දැඩි මහජන විරෝධය හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා එම ස්ථායෙන් පිටව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
ඔහු ඇමතිධූරය භාරගත් පසු පළමු රාජ්‍ය උත්සව අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.