පසුගිය දා සිදුවූ ගෙවල් ගිනි තැබීමට ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය සම්බන්ධ බවයි පොහොට්ටුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු ඊයේ (17) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ.

එහෙත් අද දින ආණ්ඩුවේ ප්‍රධානියා වන අගමැති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ජවිපෙ මෙන්ම සජබ මෙම ගෙවල් ගිනි තැබීමට සම්බන්ධයක් නැති බවයි.

එක එක පක්ෂ පක්ෂවල අය මේවට සම්බන්ධ වෙලා තියෙනවා, බිම් මට්ටමින්. පුද්ගලික හේතු වෙන්න ඇති, දේශපාලන ප්‍රශ්න වෙන්න ඇති. මේ පැත්තේ, පොහොට්ටුවේ අයත් ඉන්නවා. ඒ අය සියලු දෙනාම මේ ගැන විභාග කලින් පස්සේ අපේ පක්ෂ වලින් ඉවත් කරමු. මම හිතන්නේ නැහැ ඒකට කව්රුවත් විරුද්ධයි කියලා.

මම දන්නවා සජබ විශේෂයෙන් ම මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියා වලට යන්නේ නැහැ. ගෙවල් ගිනි තියන එක ගැන හිතන්නවත් වෙලාවක් එයාලට නැහැ. පැය විසි හතරම යන්නේ මාව කොහොමද කොන්කරන්නේ කියලා හිතන්න. එතකොට බැහැනේ ගෙවල් ගිනි තියන්න.

ඒ වගේම මා මිත්‍ර අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමන්ලාගේ ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දෙන්නේ නැහැ. තමන්ගේ පාක්ෂිකයන් මේවා කරලා තියෙනවනම් විශේෂයෙන්ම ඒ අයට දඬුවම් කරනවා. එච්චරයි තියෙන්නේ” අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

Leave a Reply

Your email address will not be published.