පාෂා යන නමින් ද හැඳින්වුණු ඕම් ප්‍රකාශ්, උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පොලීසියේ “අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ” ලැයිස්තුවට නම ඇතුළත්වූ අයෙකි.

හිටපු ඉන්දීය හමුදා සේවකයෙකු වන මේ තැනැත්තා මංකොල්ලකෑමක් හා ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අවශ්‍යව සිටින නමුත්, හර්යානාවේ අසල්වැසි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට වී නිදහසේ වෙසෙමින් වසර 30ක් නීතියෙන් ගැලවී සිටීමට සමත්විය. එහිදී නව අනන්‍යතා ලියකියවිලි ද ලබාගෙන නව ජීවිතයක් ඇරඹි ඔහු ප්‍රදේශයේ කාන්තාවක් හා විවාහවී දරු තිදෙනෙකු ද ලැබුවේ ය.

නමුත් මෙම සතිය මුල දී ඔහුගේ වාසනාව ගෙවීගොස් අවසන්වූයේ පොලීසිය මේ දුබල, 65 හැවිරිදි මිනිසා ගසියාබාද්හි මුඩුක්කුවක පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගැනීමත් සමඟය.
අත්අඩංගුවට පත්වන තුරු ඕම් ප්‍රකාශ් විවිධ චරිත රඟපා ඇතිබව පොලීසිය පවසයි. ඊට, ට්‍රක් රථයක් ධාවනය කිරීම, ආගමික අවස්ථාවන්හි දී භක්ති ගීත ගායනා කරනා කණ්ඩායමකට බැඳී අසල ගම්වල සැරිසැරීම හා ප්‍රදේශයේ නිපැයුණු අඩු-වියදම් චිත්‍රපට 28කට රංගනයෙන් දායකවීම ද අයත් ය.

🔘 උපුටා ගැනීම : BBC NEWS