ලිට්රෝ ගෑස් සමාගම පසුගිය ජූලි මස සුළු ලාභයක් ඉපයූ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
ලිට්රෝ සමාගම මීට පෙර ලාබ ලබමින් සිටි ආයතනයක් බවත් නැවත ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම පිළිබඳව සතුටු විය හැකි බවත් මුදිත පීරිස් මහතා සඳහන් කළේය.
ලිට්රෝ සමාගම පසුගිය ජූලි මස ගෑස් සිලින්ඩර ලක්ෂ 27 ක් පමණ වෙළඳපොළට නිකුත් කළ බවත් ගෑස් සැපයුම තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන බවත් සභාපතිවරයා කීය.