ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු ආකාරයෙන් සහය දිමට මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ඉදිරිපත් වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාගැනීම සඳහා සම්බන්ධීකාරකවරයා ලෙස මාලදිවයිනේ හිටපු ජනාධිපති වරයා පත් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අගමැති රනිල් වික්රමහිංස මහතා සහ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් කොළඹ දී පවා පවත්වා තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ ගැලවීමේ ක්‍රම පිළිබඳ ව එහිදී සාකච්ඡා කර ඇත.