“බාබා වැන්ගා” යනු ලෝකයේ ප්‍රභලම අනාවැකි ඉදිරිපත් කල සහ ඇය ඉදිරිපත් කල අනාවැකි සියල්ලම පාහේ සත්‍යයක් බවට පත්ව ඇති අනාවැකි කාරියෙකි.

ඇය අමෙරිකාවට, රුසියාවට, චීනයට ඇතුළු රටවල් රැසකට අනාවැකි පළ කර තිබේ. ඉන් සියළු අනාවැකි මේ වනවිටත් සත්‍යයක් වී ඇති බව ජාත්‍යන්තර විචාරකයින් පවා පෙන්වා දී ඇත.

මීට පෙර අරගලයක් පැවති සමයේ රුසියාවට බාබා වැන්ගා අනාවැකියක් පළ කරමින් පැවසූවේ රුසියාව ඉදිරි වසර කිහිපය තුල අනිවාර්යයෙන්ම ලොව බලවත්ම රටක් වන බවත් එහි නායකයා දීර්ඝ කාලයක් බලයේ සිටිමින් ලෝකබලවතෙක් බවට පත්වන බවයි.

එය එලෙසම සත්‍යක් වී තිබේ.

බාබා වැන්ගාගේ අනාවැකියක් පිළිබඳ මේ දිනවල ජාත්‍යන්තර විචාරකයින්ගේත් දැඩි අවධානයක් ලැබී ඇති ආකාරයක් දක්නට ලැබේ.

එනම් 2022 වසරේ ලොවට රතු මකරෙක් පහළ වන බවත් කෙටි කාලයක් තුල ලෝක බලවතෙකු බවට පත්වන බවත් පසුකාලීනව ලොව සෙසු බලවත් රටවල් මෙම රතු මකරාට එරෙහිව කටයුතු කිරීමට නියමිත බවත් පැමිණෙන රතු මකරා බිඳ හෙලීමට නොහැකි වන බවත් ය.

සාමාජිකයෙන් බාබා වැන්ගා අනාවැකි පළ කරන්නේ ඉතා සූක්ෂම ආකාරයෙනි. අර්ථ රැසක් ලැබෙන පරිදි වැන්ගාගේ අනාවැකි මෙතෙක් පළවී ඇත.

“රතු මකරා” ලෙස හැඳින් වූයේ චීනය හෝ වෙනත් ප්‍රභල රටක් නොවන බවට සැලකිය හැක්කේ එම රටවල් පිළිබඳ වැන්ගාගේ අනාවැකි වල කෙලින්ම නම සඳහන්ව තිබීමයි.

ජාත්‍යන්තර විචාරකයින්ගේ අදහස වී ඇත්තේ දැවැන්ත අරගලයකින් බල පෙරළියක් සිදු වූ ප්‍රධාන රට ශ්‍රී ලංකාව බවත් වැන්ගාගේ මෙම අනාවැකිය හොඳින්ම ගැලපෙන්නේ ශ්‍රී ලංකාවට බවත් ය.

මේ මොහොතේ ඩොලර් හිඟයක් පැවතියත් ශ්‍රී ලංකාව තුල පවතින ස්වභාවික වත්කම් අනුව අනාගතයේ එවැන්නක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් ලොව ප්‍රභල රටවල් වල දැඩි අවධානයක් දිනා ගැනීමට මේ වනවිටත් සමත්ව තිබීම මත වැන්ගාගේ අනාවැකිය ශ්‍රී ලංකාවට හොඳින්ම ගැළපෙන බවටයි ජාත්‍යන්තර විචාරකයින්ගේ අදහස වී ඇත්තේ.

මන්ද ලොව ප්‍රභල රටවල් බවට පත් වූ බොහෝ රටවල් යම් යම් හේතුමත ජන අරගල සිදුවී පසුව ප්‍රභල රටවල් බවට පත්ව ඇති බව එම රටවල ඉතිහාසය දෙස බැලීමේදී හොඳින්ම පෙනී යයි.

එමෙන්ම මේ වනවිට ඉන්දීය ඉතිහාස තොරතුරු විශ්ලේෂකයින් ප්‍රකාශ කර ඇත්තේ 2022 වසරින් පසු ශ්‍රී ලංකාවෙන් රාවණා අවතාරයක් බිහිවන බවත් එය ඉන්දියාවට එතරම් යහපත් නොවන බවත් ය.

මේ වනවිට මෙම අනාවැකිය පිළිබඳවත් ඉන්දියාව තුල (විශේෂයෙන් තමිල්නාඩුව තුල) වැඩි කතාබහකට ලක්ව තිබෙන බව දක්නට ලැබේ.

කෙසේ නමුත්,

ලොව බලවත් වූ කිසිඳු රටක් බලවත් වීමේ අනාවැකියන් දෙස බලාසිටියේ නැත. එමෙන්ම රට කඩාවැටෙන තුරු බලා සිට ඇත්තේද නැත. එමෙන්ම බලවත් කිසිඳු රටක් ජාති ආගම් කුල බේදවලට නතුවන්නේද නැත.

ලොවක් බලාහිඳිද්දී ලෝක බලවතුන්ට අභියෝගයක් වන්නට ශ්‍රී ලාංකික අපිට අනිවාර්යයෙන්ම පුළුවන්කම තිබේ.

යම් දිනක ශ්‍රී ලංකාව දෙස බලා හැදෙන්නට උත්සහ කරන ලොව රටවල් ඕනෑතරම් බිහිවේවි.

දැන් අපි හැදෙමු… රට විනාශ කල ඇත්තන් පන්නා දැමූ අප රට ගොඩගන්නත් පුළුවන් රටේ ජනතාවටම පමණි.

සටහන : ඉශාරා අංජලී (JUST IN STAFF)

Leave a Reply

Your email address will not be published.