ශ්‍රී ලංකාව තුළ සිදුකරන සංචාරය වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියාව මෙරට සිටින රුසියානුවන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මෙරට සංචාරය සඳහා පැමිණ සිටි රුසියානුවන් 300 දෙනෙකු පමණ අද දිනයේදී කටුනායක ගුවන් තොටුපළින් රුසියාව බලා පිටත්ව යාමට නියමිත බවයි ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.
රුසියාව බලා පියාසර කරන අවසන් එරෝෆ්ලොට් ගුවන් යානය මගින් අද දහවල් ඔවුන් මෙරටින් පිටව යාමට නියමිතව තිබෙනවා.
කොතෙකුත් අර්බුද පැවතිය ද ගැටළුකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවත් සිය කැමැත්තෙන් මෙරට තුළ සංචාරයේ නිරත වූ බවයි එලෙස ශ්‍රී ලංකාවෙන් පිටව ගිය රුසියානුවන් පැවසුවේ.
ඉදිරියේදී රුසියානු සංචාරකයින් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ද සිය රට බලා යාමට ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානුවන් සඳහන් කළා.