ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනය ණයක් ඉන්දියාවෙන් සහ චීනයෙන් ලබා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.
ඒ අනුව මෙම රටවල් දෙකෙන් ඩොලර් මිලියන 500 බැගින් ලබා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පැවසේ.
ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 200 ක ණය මාර්ගයක් පමණක් ඉතිරිව තිබියදී මෙම පියවර ගෙන ඇත.
රුසියාවෙන් බොරතෙල් මිලදී ගන්නා ලෙස විදේශ අමාත්‍යාංශය හරහා භාණ්ඩාගාරය කළ ඉල්ලීමකට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැත.