මෙරට පමණක් නොව විදෙස් රටවල පවා ප්‍රකට තොටලඟ තොරණ මුල්වරට ඉදි කොට මේ වන විට වසර 66ක් ගතවී ඇත.

එහි ඉතිහාසය පිරික්සා බලන විට වාර්තාවන තොරතුරුවලට අනුව එකල තොටළඟ තොරණ ඉදි කිරීමට වැය වී ඇත්තේ රුපියල් 7,500 ක් වැනි මුදලක්ය.

අඩි 80 ක් පමණ උසකින් යුක්තව ඉදි කරන ලද එම තොරණ ආලෝකවත් කිරීම පිණිස විදුලි බුබුළු 25000ක් පමණ යොදා ගෙන ඇත.

එතැන් සිට සෑම වසරකම වෙසක් සමයේ මුල් කරගනිමින් ඉදිකරනු ලබන තොටලඟ වෙසක් තොරණ ඉතිහාසගත වන්නේ මෙරට ප්‍රථම වරට ඉදිකරන ලද වෙසක් තොරණ ලෙසය.

එකල නාගලගම් වීදියේ පදිංචිව සිටි ප්‍රකට දානපතියකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වූ විල්බට් පෙරේරා මහතාගේ පෞද්ගලික ධනයෙන් ඉදි කරන ලද තොටළඟ වෙසක් තොරණ එදා මෙදා තුර මෙරට තොරණ කලාව ගත් කල එහි “යෝධයකු” බඳුය.

වෙනත් වචනයකින් හැඳින්වුවහොත් සෑම වසරකම වෙසක් උත්සවය නිමිත්තෙන් මෙරට ඉදි කරනු ලබන වෙසක් තොරණ අතරින් සුවිශේෂී වටිනාකමක් ගත් සිරිමත් නිමැවුමක් ලෙස හැඳින්විය හැක.

මෙරටට වෙසක් තොරණ හඳුන්වා දීමේ පුරෝගාමියකු වු විල්බට් පෙරේරා එහි ගෞරවය ද සහිතව 1986 වර්ෂයේදී මරණයට පත්වන අතර ඔහු මරණයට පත් වන්නේ තොටළඟ තොරණ ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් බවට පත් වෙමින්ය.

එබැවින් සෑම වසරකම ඉදිකරන “තොටළඟ තොරණ” පිළිබඳ කතාබහ කිරීමේදී එම සුවිශේෂී චරිතය අමතක කොට ඒ පිළිබඳ කතා බහ කිරීමට කිසිවෙකුට පුළුවන්කමක් නැත.

Leave a Reply

Your email address will not be published.