එළඹෙන එකොළොස් වැනි දා හම්බන්තොට වරායට ළඟාවීමට නියමිත ‘චීන යුවාන් වැන්ග් 5’ නෞකාවේ ගමන කල් දමන්නැයි ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යංශය කළ ඉල්ලීමට චීන තානාපති කාර්යාලය ඍජු පිළිතුරක් ලබා දී නැත.
ඔවුන් ශ්රී ලංකා රජයට දැනුම් දී ඇත්තේ බීජිං පාලනයෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසු ඒ පිළිබඳව ප්රතිචාර දක්වන බවයි.
අදාළ නෞකාව මේ වන විටත් ඉන්දුනීසියාව ආසන්න මුහුදේ සිට හම්බන්තොට වරාය දෙසට ගමන් කරමින් සිටියි.
එය අගෝස්තු මස 11 වන දින සිට 14 දක්වා හම්බන්තොට වරායේ නවතා තැබීමට සැලසුම් කර ඇත.
නමුත් ඉන්දියාවේ දැඩි අප්රසාදය පළ කිරීමක් මත ශ්රී ලංකා රජය විසින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටියේ නෞකාව හම්බන්තොට පැමිණීමෙන් දිනය මදක් කල් දමන ලෙසයි.