පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින් ගෙවූ බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
මේ අනුව එදින තේ පැන් සංග්රහය සඳහා වියදම් වූ රුපියල් දෙලක්ෂ හැත්තෑ දෙදහසක මුදල ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් ගෙවා තිබේ.
