රනිල් වික්රමසිංහ ජනාධිපති ලෙස තේරී පත් වූ බවට ප්රකාශයට පත් වීමත් සමග ඉන් උද්දාමයට පත් බදුල්ල, පස්සර ප්රදේශයේ පුද්ගලයෙක් රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළකර තිබෙනවා.
එහිදී එයට උරණ වූ ඔහුගේ පුත්රයා විසින් ප්රහාරයක් එල්ල කර ඇති අතර ඉන් පියාගේ හිසට තුවාල සිදුව තිබෙනවා.
සිද්ධියෙන් පසු පියා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර 28 හැවිරිදි පුත්රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී පුත්රයාට එරෙහිව පියා විසින්ම පොලීසියට පැමිණිලි කර තිබීම විශේෂත්වයක්.