වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ඉදිරි දින දෙක තුල බරපතළ ක්‍රියාමාර්ග ගන්නා බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

19 වන දින විරෝධතා දිනයක් බවට ප්‍රකාශයට පත් කරන බවද එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය.

අද දිනයේ සිට තමනට ආසන්න නගරවල පැමිණ විරෝධතා පවත්වන්නැයි ජනතාවගෙන් ඉල්ලන බව ද හෙතෙම සඳහන් කළේ ය.

හිටපු ජනාධිපතිවරයාද ධුරයෙන් ඉවත් කළ හැකි වූයේ රටම විරෝධතා භූමියක් බවට පත් වීම නිසා බවද ඔහු සිහිපත් කරයි.

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙම අරගලයද ජයග්‍රහණයෙන් අවසන් කිරීමට හැකි බවත් ඔහු තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.