ගෝටාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් ඔහුගේ ඉතිරි ජනාධිපති ධූර කාලය සඳහා ජනාධිපතිවරයකු පත් කිරීම සඳහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ ජනාධිපති කරවීම වෙනුවෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඉහල නායකයන් මෙහෙයුමක් සිදු කරමින් ඇත.
වාර්තාවන ආකාරයට දැනටමත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්රී පිරිසකගේ සහාය ලබාදීම සඳහා සූදානමක ඇතැයිද වාර්තා වේ.
රනිල් වික්රමසිංහට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන්ගේ ඡන්දය ලබාදීම සඳහා රාජපක්ෂලා කිහිපදෙනෙකුම මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇතැයිද දැනගන්නට ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්රී පිරිසකගේ සහාය හිමිවන බවට දැනටමත් ඔවුන් වික්රමසිංහ වෙත තහවුරු කර ඇතැයිද ආරංචි මාර්ග කියා සිටී.