අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට තීරණය කර ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 50කින් කපා හැරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට පෙර උපදෙස් ලබා දී තිබූ අතර එම වියදම් කපා හැරීම තමාට ද අදාළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
තම පෞද්ගලික නිවසේ පදිංචිව සිටින අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට රාජකාරී කිරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.
මේ අතර යහපාලන ආණ්ඩුව පැවති සමයේ දී ද රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ පදිංචියට නොගිය බවත් රාජකාරි කටයුතු සඳහා පමණක් අරලියගහ මන්දිරය පාවිච්චි කළ බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
#JustinNews