ඉදිරි දින කිහිපය ඇතුළත ඉතිරි කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව දැනට සිටින කැබිනට් ඇමැතිවරුන් 18 දෙනා සමග 40 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.
එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනකු පත්කිරීමටද ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව පැවසේ.
ඒ අනුව සමස්ත අමාත්‍ය මණ්ඩලය 75ක් දක්වා ඉහළ යනු ඇති බවද වාර්තා වේ