මෙරට ඉදිකිරීමට නියමිත මෙගාවොට් 500 සුළං බලශක්ති ව්‍යාපෘතිය සඳහා දේශීය සමාගම් ඉදිරිපත් කර ඇති අඩු ලංසුව නොසලකා හරිමින් වැඩි ලංසුවක් ඉදිරිපත් කල ඉන්දියාවේ අදානි සමාගමට මෙම ව්‍යාපෘතිය ලබා දීමට කටයුතු කර ඇති බව ඉරිදා පුවත්පතක් වාර්තා කර සිටිනවා.
ශ්‍රී ලංකාවේ ඇති හොඳම සුළං බල භූමි දෙකක් වන මන්නාරම සහ පුනරීන් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම මෙගාවොට් 500 සුළං බලශක්ති ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය සමාගම් ඇමරිකානු ඩොලර් ශත 5කටත් අඩු ලංසු මුදලක් ඉදිරිපත් කර තිබීය දී ඉන්දියාවේ අදානි සමාගම ඉදිරිපත් කර ඇති ඇමරිකානු ඩොලර් ශත 7.55කට අනුමැතිය ලැබී ඇති බවයි එම පුවත්පත වාර්තා කරනේ
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ව්‍යාපෘති අනුමැති කමිටුව සඳහන් කර ඇත්තේ අදාළ ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා ඇති හෙයින් ඊට අදාළ මූලික සාකච්ඡා හෙට (06) ආරම්භ කිරීමට නියමිත බවයි.
===================================
ඔබගේ ව්‍යාපාරයේ දැන්වීමට දැන් ජස්ට් ඉන් වෙතින් “බජට් පැකේජයක්”
ඔබේ දැන්වීමට අදාල බැනරයක් අපගේ පුවත් වාර්තා පළකිරීම් වලින් පළකරවා ගැනීමට දැන්ම අපට වත්සැප් කරන්න.
076 3570707
අයකිරිම බැනරයකට රුපියල් 100/-* ක් පමණි.