දිවයිනේ බොහෝ රෝහල්වල මෘත ශරීරාගාරවල හඳුනා නොගත් මළ සිරුරු ගොඩ ගැසී ඇතැයි වාර්තා වෙනවා.
නීතිමය ක්‍රියා පටිපාටියකින් තොරව ඒවා බැහැර කිරීමට නොහැකි වීම නිසාවෙන් මෙන්ම ඇතැම් මෘත ශාලාවල ඉඩකඩ පහසුකම් ද ප්‍රමාණවත් නොවීම නිසාවෙන් රෝහල් බලධාරීන් දැඩි ගැටළුවකට මුහුණ දී තිබෙනවා.
මේ පිළිබඳව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද ඔවුන් පසුගියදා දැනුවත් කල අතර අපරාධ නඩු විධාන සංග්‍රහයට අවශ්‍ය සංශෝධනයන් සිදු කරමින් මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදී ඇත්තේ.