ජනතා බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි තමා කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ගන්නා තීන්දු තීරණ වලට යටත් නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

මධ්‍යම කාරක සභාවේ සිටින පුද්ගලයින්ට වඩා පාර්ලිමේන්තුවේ සිටින තමා හොඳින් දේශපාලනය දන්නා බවත් ඔවුන්ට තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත් ඒ මහතා සදහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ ඇතැම් දේශපාලන කරුණු සම්බන්ධයෙන් අසත්‍ය කරුණු සමාජ ගත කරමින් සිටින බවද චාමර සම්පත් මහතා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කලේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published.