රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර මැයි දින පෙළපාලියක් හෝ රැලියක් සංවිධානය නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ පවසයි.

දිවයින පුරා සිටින පාක්‍ෂිකයන් කොළඹට කැඳවීමේදී විශාල වියදමක් දැරීමට සිදුවීම මත එම තීරණයට එළැඹි බව එම පක්‍ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පොදුජන පෙරමුණේ වෘත්තිය සමිතිවලින් මැයි රැලියක් සංවිධානය කර තිබුණු අතර පොදුජන ප්‍රගතිශීලී වෘත්තීය සමිති මැයි රැලිය නමින් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී එම මැයි රැලිය පැවැත්විණි.

ජනතාව විසින් ජනාධිපති සහ අගමැති ඇතුළු ආණ්ඩුව ඉවත් වන ලෙස සිදු කරන විරෝධතාවයන්ගේ පීඩනය හේතුවෙන් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැඩි නිහැඬියාවක ගිලී සිටින අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් පොහොට්ටුව පාර්ශවයෙන් සිදු කිරීම ම වඩා හාස්‍යජනක කාරණයක් බවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published.