මෑත කාලීනව ඉතා උසස් ගණයේ ටෙලිනාට්‍ය රැසක් නාලිකා හරහා විකාශය කෙරින. ඒ අතරින් වඩාත් ජන ආකර්ෂණයට පත් සහ ප්‍රමිතිගතම ටෙලිනාට්‍ය 20ක් පිළිබඳ විමසා බලමු.
එහි පළමු කොටස ලෙස අද ස්නැප් (Snap) ටෙලිනාට්‍යය පිළිබඳ විමසා බලමු.

20. ස්නැප් (Snap)
පසිඳු පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවූ ස්නැප් ටෙලිනාට්‍යය විශ්ව විජේවර්ධනගේ නිශ්පාදනයකි. ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කෙරුණු ස්නැප් ටෙලිනාට්‍යය ත්‍රාසය, භීතිය, කුතුහලය සහ ආදරය මුසු විශ්ව විජේවර්ධනගේම රචනයකි.
දේශපාලනය, පාතාලය සහ ව්‍යාපාර තරඟය පිළිබඳ අමුතුම අත්දැකීමක් මෙම ටෙලිනාට්‍යයෙන් ලබාගත හැක.
එමෙන්ම මෝහන හැකියාවක් සතු මෙම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වටා කථාංගය ගලා යයි. කතාව අවසානය දක්වාම කුතුහලය ගෙනදෙන අතර බොහෝදුරට මෙහි දෙවන කොටසක් (2nd Season) ඉදිරියේදී විකාශය වනු ඇත.
ඇත්තටම කිව්වොත් කම්මැලි නැතිව එකදිගට කොටස් 50ම බලන්න පුළුවන් ටෙලිනාට්‍යයක් මේක.
මෙම ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වූ දක්ශ ශිල්පීන්…









ස්නැප් (Snap) ටෙලිනාට්‍යය.
🔘 අධ්‍යක්ෂක – පසිඳු පෙරේරා
🔘 නිශ්පාදනය / රචනය – විශ්ව විජේවර්ධන
🔘 කොටස් ප්‍රමාණය – කොටස් 50
🔘 විකාශය වූ වර්ශය – 2021 – 2022
🔘 විකාශය වූ නාලිකාව – ස්වර්ණවාහිනී
🔘 නාමය – ස්නැප් “රියැලටිය ෆැන්ටැසියේම උගුලක්”
🔘 සම්පූර්ණ ටෙලිනාට්‍යය – මෙතැනින්
🔘 ටෙලිනාට්‍යයේ චායාරූප –
















මීලඟ කොටසින් කලම්බෝ (Colombo) ටෙලිනාට්‍යය ගැන විමසා බලමු…