අපි කවුරුත් මැරෙන්න කැමති නෑ.. ඒ වගේම මරණය මොනවගේද කියල හිතන්නවත් කැමති නෑ.. ඒත් මරණය කියන්නෙ මොනවගේ අත් දැකීමක්ද කියල ඒ පිළිබඳ ඉතා සියුම් ලෙස පරීක්ෂණයක් කල මූඩි (Moody) මහතා විසින් ඒ පිළිබඳ,

විස්තර කරමින් “Life – After Life” නමින් ග්‍රන්ථයක් නිකුත් කර තිබෙනවා.

මෙහි දැක්වෙන්නේ එහි සඳහන් කරුණුයි.

  1. වචනයකින්, කවරම හෝ භාෂාවකින් ප්‍රකාශ කල නොහැකි අමුතුම ආකාරයේ අත් දැකීමක් ලැබීම.

මෙහිදී වචනයෙන් විස්තර කල නොහැකි ඉතා ගුප්ත හා ජීවත් වීමේදී නොලැබෙන අත් දැකීමක් ලෙස එය විස්තර කර ඇත.

  1. සාමය හා නිශ්චලතාව.

එකවරම හිත තුලට කිසිඳු සිතුවිල්ලක් නොනැගෙන කෙටි වේලාවක් පවතී. විශේෂයෙන් දැඩි හුදකලා බවක් සමග දැඩි නිශ්ෂබ්දතාවක් පවතී.

මෙහිදී අවට මොනතරම් ශබ්ද තිබුනත් ඒ කිසිවක් නොඇසෙන බව සඳහන්.

  1. අසාමාන්‍ය ශබ්ද ඇසේ.

නිහැඬියාව කෙටි වේලාවකින් බිඳිමින් දැඩි හා අසාමාන්‍ය ශබ්ද ඇසෙන්නට පටන් ගනී.

එම ශබ්ද මීට පෙර කිසිදා නෑසුන ශබ්ද වන අතර උදාහරණයක් ලෙස රූපවාහිනී නාලිකාවක විකාශය අවසානයේ ඇසෙන කණට අමිහිරි ශබ්දය ලෙස හැඳින්විය හැක.

  1. අඳුරු උමගක් දිස්වේ.

එම ශබ්දයෙන් පසු අඳුරු උමගක් දිස්වන අතර එම උමග හැර වෙනත් කිසිඳු මාර්ගයක් අවටින් නොපෙනේ.

  1. සිරුරින් බැහැර ලෙස පෙනීම.

මද වේලාවකින් තමන් සිරුරින් බැහැරව සිටින ආකාරයක් දක්නට ලැබේ.

ජීවිතයේ පළමු වරට තම සිරුර තමාගේම දෑසින් දැක ගැනීමට හැකියාව ලැබේ.

  1. දීප්තිමත් ආලෝකයක්.

තම සිරුර පෙනෙන අවස්ථාවේ මද වේලාවකින් දීප්තිමත් ආලෝකයක් ඇසට වැටේ.

උදාහරණයක් ලෙස දහවල් 12:00ට පමණ හරි කෙලින් ඉර දෙස බලන්නාක් මෙනි.

  1. ජීවිතය මෙනෙහි වීම.

ආලෝක ධාරාවෙන් පසු තමන් මෙතෙක් ගතකල සහ යටි හිතේ තැන්පත් ව ඇති ජීවිතයේ මතකයන් පෙනෙන්නට පටන් ගනී.

එහිදී තමා විසින් සිදු කල සියළු විශේෂ සිදුවීම් පෙනෙන්නට පටන් ගනී.

උදාහරණයක් ලෙස තමා අපරාධයක් සිදු කර මැරෙන තුරු සියල්ලන්ගෙන්ම සඟවා සිටි අයෙක් නම් එම අවස්ථාව ඔබේම දෑසින් පෙනෙන්නට පටන් ගනී.

  1. තමාට ගමන් කල හැකි මාර්ගයක් දිස්වීම.

මෙහිදී තමාට ගමන් කල හැකි සීමාව සහිත මාර්ගයක් පෙනෙන්නට පටන් ගනී.

එම මාර්ගයේ දිග එක් එක් පුද්ගලයා අනුව වෙනස් වේ.

  1. නැවත සිරුරට ඇතුල් වීමට උත්සහ කිරීම.

එම අවස්ථාවේ තමා වහාම නැවත සිරුරට ඇතුල් වීමට උත්සහ ගනී. නමුත් කෙතරම් උත්සහ කලත් සිරුරට නැවත ඇතුල් වීමට ඉඩක් නොලැබේ.

ඉන් ශෝකයට පත් වන ඇතැම් පුද්ගලයින්

සිරුර පසුපසම ගමන් කරන බවත් පෙර පරිදි නිවසේම ජීවත් වීමට උත්සහ කරන බවත් බොහෝදුරට පෙර දිස් වූ මාර්ගය කෙටි පුද්ගලයින් මෙසේ හැසිරෙන බව එම ග්‍රන්ථයේ සඳහන් වේ.

  • තුෂාරි වර්ණකුල (ජස්ට් ඉන් කණ්ඩායම)

Leave a Reply

Your email address will not be published.