රට තුළ ඉදිරි මාසයක කාලයක් සඳහා ප්‍රමාණවත් ඩීසල් සංචිත පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
එමෙන්ම දින 22 කට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිතයක් ද රට තුළ ඇතැයි සංස්ථාව කියා සිටියි.
ඊයේ දිනය තුළ ඩීසල් මෙට්ට්‍රික් ටොන් හාරදහසක් සහ පෙට්ටල් මෙට්ට්‍රික් ටොන් තුන් දහසක් රට පුරා පිරවුම්හල් වෙත බෙදා හැර තිබේ.
මේ වන විට වාහන වලට ඉන්දන නිකුත් කරන්නේ සලාක ක්‍රමයක් යටතේ ය.