වසර 24 කට පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මළල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් ගෙන ඒමට යුපුන් අබේකෝන් අද අලුයම සමත් වූවා.

මීටර් 100 ඉසව්වෙන් මෙරටට පදක්කම ලැබුනු පලමු අවස්ථාවද මෙයයි.

ඊයේ යුපුන් සහභාගී වූ අවසන් තරඟයට පෙර සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග විසින් සජීවි වීඩියෝවක් මඟින් ඔහුට සුභ පතා තිබුනා.

අද අලුයම තරඟය ජයගත් පසුව යුපුන් විසින් එම වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් කියා තිබුනේ “මාලි අයියේ..මන් එය කලා..” යනුවෙනුයි.

සැබවින්ම යුපුන්ගේ දක්ෂතාව නිසාවෙන්ම කලකට පසුව මෙරට ක්‍රීඩා ලෝලීන්ට සතුටු වන්නට අවස්ථාවක් උදා වූ බවද නොරහසක්.

Leave a Reply

Your email address will not be published.