අද පාර්ලිමේන්තු භූමියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ චන්න ජයසුමන සහ ඩී. වීරසිංහ යන අය විසින් සිරස සහ ස්වර්ණවාහිනී මාධ්‍යවේදීන්ට තර්ජනය කර,
එම මාධ්‍යවේදීන්ගේ දුරකථන පැහැරගෙන ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුලද කතා බහට ලක් වූ අතර ඔවුන්ගේ දුරකථනද (වාර්තාකරණය කරමින් සිටි) එම පිරිස විසින් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.
එහිදී ආණ්ඩු පක්ෂයෙන් කථානායකවරයාට පැවසූවේ, ජීවිත තර්ජන හේතුවෙන් ජංගම දුරකථන මගින් රූගත කිරීම් සිදු නොකල යුතු බවයි.
කෙසෙනමුත් පාර්ලිමේන්තුව තුල මාධ්‍යවේදීන්ට සිය රාජකාරි කටයුතු සඳහා දුරකථන මගින් රූගත කිරීමේ බාධාවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.