බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් CNN මාධ්‍ය නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්ව තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන වත්මන් ආර්ථික අර්බුදය ගැන අදහස් දැක්වීමටයි.

මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ 2019 වර්ෂයේදී ඇතිවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ බලපෑම, නව රජය බලයට පත්වීමෙන් පසුව ලබාදුන් බදු සහන සහ නව රජය විසින් කෘෂි කර්මාන්තයේ දී ගනු ලැබූ තීරණ හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන කරුණු වූ බවයි.

මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ වර්ථමානය ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් බදු මුදල් ඉහළ දැමීම, නැවත කෘෂි කර්මාන්තය නගා සිටුවීමට ක්‍රියා කළ යුතු බවයි.

එමෙන්ම මුදල් මුද්‍රණය කිරීම, අයවැය තුලින් ගනු ලබන ක්‍රියා මාර්ග හරහා වත්මන් ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීමට අපහසු බව ද ඔහු සඳහන් කර සිටියා.

2015 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් CNN ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ජාවට එක්ව තිබුනේ සිංගප්පුරුවේ සිට මාර්ග ගත ක්‍රමයටය.

මහේන්ද්‍රන් මහබැංකු මංකොල්ලය පිළිබදව චෝදනා එල්ල වද්දී සිංගප්පූරුවට පළා ගිය අතර වික්‍රමසිංහ ඒ අවස්ථාවේ කියා සිටියේ මංගල උත්සවයකට ඒ මහතා සිංගප්පූරුවට ගිය බවත්, දින කිහිපයකින් පසු ඔහු ලංකාවට එන බවත්ය.

Leave a Reply

Your email address will not be published.