සිමෙන්ති,යකඩ,වයර්,කුකුළු මස්,බිත්තර වැනි ද්‍රව්‍යවල බර හා මිළ පිළිබදව ගැටලූවක් පවතින අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන් බව වෙලද අමාත්‍යංශය පවසනවා.
වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් සමග පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතායි මේ බව කියා සිටියේ.
මේ අතර විවෘත ගිණුම් ක්‍රමය හරහා ඡූලි 1 දා සිට ආනයනික භාණ්ඩ 10ක් ගෙන්වීම ආරම්භ වූ අතර එම ආනයනික භාණ්ඩ මේ වන විට වෙළෙඳපලට පැමිණීම නිසා වෙළෙඳපලේ භාණ්ඩ තොග මිල අඩු වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මේ අතර බිස්කට් සමාගම් මිල ඉහළ දැමීම පිළිබදව ද අවධානය යොමු වී ඇති බව නලීන් ප්‍රානාන්දු මහතා මෙහිදී සදහන් කළා.
එය අත්‍යාවශය භාණ්ඩයක් ලෙස නම් කර භාණ්ඩයේ මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය යටතට ගන්නා බවයි ඔහු එහිදී කියා සිටියේ.