පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිදරව් වූ ඩොළර් මිලියන 160කට අධික වත්කම් ප්‍රමාණයක් තිරු නඩේශන් සහ නිරූපමා රාජපක්ෂ පවුලට හිමි බවට වූ හෙලිදරව්ව සම්බන්ධවත් අනුර කුමාරගේ ෆයිල් අතර තොරතුරු ඇති බව ඔහු කියා සිටිනවා.

ඔහු කියා සිටින්නේ තිරු නඩේෂන්ගේ නමින් ඇත්තේ බැසිල් රාජපක්ෂගේ දේපල බව අනුර කුමාර කියා සිටිනවා.”ගින් නිල්වලා ගනුදෙනුව” ගනුදෙනුව ගැනත් අනුර කුමාර මෙහිදි කතා කලා.

මැතිවරණයකට පෙරාතුව සියළු අමාත්‍යංශ වල අත්‍යාවශ්‍ය ගනුදෙනු හැර සියලු ගනුදෙනු නවත්වා දැමීම සාමාන්‍ය ක්‍රියාවලිය බව ඔහු මෙහිදී කියා සිටි අතර අශෝක පීරිස් මහතා ද එය අනුමත කළා.මෙම “ගින් නිල්වලා ගනුදෙනුව” සිදුවී ඇත්තේ 2015 මැතිවරණ කට උඩ තබාගෙන බව අනුර කුමාර මෙහිදී දින වකවානු සමඟම මෙසේ පෙන්වා දුන්නා.

2014 දෙසැම්බර් 24 දින මිලියන දාහක් චීන සමාගමකට ලබා දුන් බවත් 2015 ජනවාරී 01 නැවත මිලියන 2009ක් ලබා දුන් බවත් 2015 ජනවාරී 06 නැවත මිලියන 1003ක් ද දුන් බව අනුර කුමාර දිසානායක කියා සිටියා.

මෙම මුදල් ලබා දී තිබෙන්නේ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයෙක් වන අයිවන් ද සිල්වා නැමැත්තෙක් බවද සඳහන් කළා.එවකට අමාත්‍යවරයා නිමල් සිරිපාලද සිල්වා බවත් සඳහන් කළා.සමස්ත මුදල් ප්‍රමාණය මිලියන 4100ක් බවත් එක් පස් පිඩැල්ලක්වත් නොකැපූ බවත් ඔහු මෙහිදී අවධාරණයෙන් කියා සිටියා.

මෙම මුදල් ලබා දී ඇත්තේ චයිනා නැශනල් මර්චරි නම් සමාගමකට වේ.එම මුදල් යවා ඇත්තේ සමාගමේ හොංකොන් හී ශාඛාවකට වන අතර එයින් මුදල් ප්‍රමාණයක් රූත් ඉන්ටර්නැෂනල් නම් සමාගමට නිදහස්කොට තිබේ.එයත් හොංකොන් තුළම පිහිටා ඇති අතර විටින් විට එයට මුදල් ලබා දීම සිඳුකර ඇත.

ඩොලර් මිලියන පහක මුදලක් මෙසේ විටින් විට නිදහස් කර ඇත.

එම රූත් ඉන්ටනැෂනල් සමාගම තිරු නඩේෂන් සතුවන අතර එම සමාගම විසින් විටින් විට කොල්ලුපිටියේ පිහිටා ඇති බැංකුවකට මුදල් එවූ බවද හෙලිවුනා.

එසේම එම ලංකාවේ ඇති බැංකු ගිණුමේ මුදල් වියදම් කර මල්වානේ ඉඩම මිලදී ගත් බවද අනුර කුමාර මෙහිදි හෙළිදරව් කර සිටියා.

Leave a Reply

Your email address will not be published.