NewsRadio - Sinhala

තවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් ගොඩබෑම අද ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

පසුගිය දින දෙක තුළ දිවයින පුරා පිහිටි සියලූම ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් බෙදා හැරීම සිදුකල අතර, එය අඛණ්ඩව සිදුකරනු ලබන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඊයේ පෙරවරුවේ ඔක්ටේන් 92 සහ 95 බෙදා හැරීම ආරම්භ කළ අතර එය සියලූම ඉන්ධන පිරවුම්හල් ආවරණය වන පරිදි අඛණ්ඩව සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඉන්ධන බෙදා හැරීම සඳහා සංවිධානාත්මක පිරිසක් බාධා කරමින් සිටින බවට අමාත්‍ය කංචන විජේසේකර චෝදනා කරනවා.

විවිධ ස්ථානවලට තෙල් ගොඩ බෑම සිදුකරන ලෙසත් එසේ නොවුණහොත් බවුසර ගිනි තබන බවටත් ඔවුන් අනතුරු අගවා ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මෙම තත්වය අඛණ්ඩව පැවතියහොත් සේවකයන්ගේ ආරක්ෂාව සළකා ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට සිදුවන බවටද කංචන විජේසේකර මහතා අනතුරු අගවනවා.

Leave a Reply

Your email address will not be published.