ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව ඇති වූ විරෝධතාවයට පහර දීම සමග ඇතිවූ කලබලකාරී සිදුවීම් හේතුවෙන පොදු ප්‍රවාහන මගී බස් රථ හතළිහකට ආසන්න සංඛ්‍යාවක් ගිනිතබා විනාශ කර ඇති බව බස් වෘත්තීය සමිති නියෝජිතයෝ කියා සිටිති.
මෙම බස් රථ වලින් තිහකට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික බස්රථ යැයිද විනාශ වූ බස්රථ වැඩිම ප්‍රමාණයක් කොළඹ පෙරහැර මාවත බේරෙවැ ප්‍රදේශයේ සහ පිත්තල හංදිය ප්‍රදේශයේ ගිනි තබා ඇති බවත් එම ප්‍රමාණය දහයක් පමණ වන බවත් වෘත්තිය සංගම් කියා සිටී.
ගිනි තබන ලද බොහෝ බස්රථ නැවත ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස විනාශ වී ඇතැයි ද ඔවුන් පෙන්වා දෙති.
මින් ඉදිරියට කිසිදු පෞද්ගලික බස් මගී ප්‍රවාහන බස් රථයක් දේශපාලන කටයුත්තකට ලබානොදීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේය.