අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව සියයට 11යි දශම 01යි 4කින් අඩු කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 38 සිට රුපියල් 34 දක්වා අඩු වන බවයි එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ. 

කෙසේ වෙතත් බස් සංගම් පැවසුවේ මෙම ගාස්තු අඩු කිරීම තමන් භාර නොගන්නා බවයි.

ඊට එරෙහිව හා බස් රථවලට ලබා දෙන ඩීසල් ප්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලා අද මධ්‍යම රාත්‍රියේ සිට බස් සංගම් 03ක් ධාවනයෙන් බවත් වන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් පැවසුවේ. 

සිය සංගමයද අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බවයි ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published.