වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී ඡන්දය භාවිතා කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල මතය ලෙස එම පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කිරීමත් සමඟ පක්ෂය තුළ දැඩි මත ගැටුම් හටගෙන තිබේ.

බොහෝ මන්ත‍්‍රීවරුන් චෝදනා කරන්නේ සාගර කාරියවසම් එම ප්‍රකාශය සිදු කරණ ලද්දේ පක්ෂය තුළ විධිමත් සාකච්ඡාවකින් හෝ එකගතාවකින් තොරව බවයි.

පිරිසක් සඳහන් කර ඇත්තේ ඩලස් අලහප්පෙරුම පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු නිසා පක්‍ෂය ඔහු වෙනුවෙන් ඡන්දය භාවිත කළ යුතු බවයි.

නමුත් සාගර කාරියවසම් පෙන්වා දී ඇත්තේ ජනතාව විරෝධතා දක්වන්නේ පොහොට්ටුවේ ජනාධිපතිවරයෙකුට බැවින් තවත් පොහොට්ටුවේ ජනාධිපතිවරයකු පත් නොකළ යුතු බවයි.

එනිසා අපේක්ෂකයෙකු පත් නොකර ඉඳීමට පක්ෂය තීරණය කර තිබියදී ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වීමට තීරණය කිරීම මත රනිල් වික්‍රමසිංහට සහාය දීමට තීරණය පක්ෂය තීරණය කළ බවද හෙතෙම සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published.