ගාලුමුවදොර පැවැත්වෙන නිරායුධ අරගලකරුවන්ට ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම මොහොතක පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට තමා සූදානම් යැයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ‘දිවයින’ පුවත්පතට පවසා ඇත.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ‘දිවයින’ පුවත්පත හිටපු අගමැතිවරයාගෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් එසේ සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තමාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව දැනුම් දීමක් කළහොත් ඒ සඳහා සූදානම් බවද හෙතෙම පවසා ඇත.
නෝමන් පලිහවඩන