අහුන්ගල්ල පොලීසියේ පොලිස් ජංගම නිල රථයේ ගමන් ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට ඊයේ (29) රාත්රී බළපිටිය, නායක පන්සල අසලදී බීමත්ව සිටි පිරිසක් විසින් පහර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (29) රාත්රියේම සැකකරුවන් තිදෙනෙක් (03) අහුන්ගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි. සැකකරුවන් අද (30) බළපිටිය මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙම පහර දීමෙන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් මේ වන විට බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඔහු රෝහලේ 1 වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටී. මෙසේ රෝහල්ගත කර ඇත්තේ ත්රිමාවිතාන නැමැති පොලිස් කොස්තාපල් වරයෙකි.
පොලිස් කොස්තාපල්වරයාගේ මුහුන හා හිස ප්රදේශයේත් තවත් ස්ථාන කිහිපයකත් තැලීම් තුවාල රැසක් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.