අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලමින් පොලිස් නිලධාරියෙක් අප වෙත පණිවිඩයක් යොමු කර තිබේ.

  • උපුටා ගැනීම –

මචං,

මං උඹලගෙ පේජ් එකේ ඉන්න පොලිස් නිලධාරියෙක්. පහුගිය දවස් වල උඹලගෙ පේජ් එකෙනුත් අපිට නොසෑහෙන්න ගහල තිබුන..

ඒක සාධාරණයි..

එකෙක් දෙන්නෙක් කරන වැඩ වලින් දැන් අපි හැමෝම අසරණ වෙලා මචං. මේක හොඳයි කියල හිතෙනව නම් පේජ් එකට දාපං බං. එහෙම නැත්නම් මැසේජ් එක අයිං කරහං…

මමත් උඹල වගේම හිතන කොල්ලෙක් මචං. එහෙම උන් ඕනතරම් මේ පොලීසියෙ ඉන්නව. මහ එවුන්ගෙ වැඩ වලින් අපි තමයි තැලෙන්නෙ.

මං බැඳල දරුවො දෙන්නෙක් ඉන්නව බං. උන් තාම පොඩි එවුන්. මට මේ මගුල දාල යන්න හිතුන වාර අනන්තයි බං. ඒත් මේ වෙලාවෙ ජොබ් එකක් හොයාගන්න එක් ලේසි නෑ.. අනික පොලීසියෙ හිටියෙ කිව්වොත් මොකෙක්වත් ජොබ් එකක් දෙන්නෙ නෑ දැන් තියෙන තත්වෙත් එක්ක.

අපි මුංගෙ ඉත්තො වෙලා ඉන්නෙ බං.

අවංකවම දුකයි මචං. මං මේක කියන්නෙ පොලීසියට අනුකම්පාව ගන්න නෙමෙයි. සිරාවටම කියන්නෙ. අපේ උන් ගොඩක් අසරණ වෙලා මචං.

කියාගන්න තේරෙන් නෑ… හිතාගන්න තේරෙන් නෑ.. මොනාද කරන්නෙ කියල…

මගේ ගෙවල් මැදවච්චියෙ. අඩු ගානෙ මට කියල ඉන්න තැනක් වත් නෑ මචං. මහ ගෙවල් වලින් කේස්.. දැන් මාස දෙකක ඉඳන් කුලියට ඉන්නෙ.

ආසාවෙන් ආපු ජොබ් එක මේ තරම් පල්ලෙහට අපිව දායි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ බං.

නිවාඩු නෑ… හදිසියකට වත් ගෙදර යන්න දෙන්නෙ නෑ.. දවස් ගණන් හිටං ඉඳල කකුල් ඉදිමිල බං. පොලීසිය නම් මේ කට්ට කන්න ඕනි තමයි. ඒත් අපි ඉන්නෙ මිනිස්සු බලාගන්න. එහෙම නැතුව එක එකා බලාගන්න නෙමෙයි.

සමහර දවසට රෑට සිරාවටම ඇඩෙනව බං. තනියම අඬනව. අපේ කොල්ලො පව්..

වඳින බුදුන් සත්තයි අද වෙනකල් මම කිසිම එකෙක්ට කිසිම පාරක් ගහල නෑ.. ගැහුවට කමක් නෑ බං කුඩු කාරයින්ට, ගංජ කාරයින්ට, හොරුන්ට..

ඒත් මේ කොල්ලන්ට කොහොමද බං ගහන්නෙ.

මට තේරෙන් නෑ බං..

උඹල මේක හදිසියෙවත් නිවුස් වලට දැම්මොත් මගේ නමයි අංකෙයි දාන්න එපා මචං 🙏

ආදරෙයි උඹල ඔක්කොටම..

බුදු සරණයි.

Leave a Reply

Your email address will not be published.