මහා සංඝරත්නය, කතෝලික පූජකතුමන්ලා සහ අන්‍යාගමික නායකයන් පෙරටු කොටගත් මහා ජන සභාවක් ලබන සදුදා (16) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඊට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සහ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද එක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මේ සදහා පූජ්‍ය පක්ෂය නියෝජනය කරමින් 2000කට අධික හිමිවරුන් ප්‍රමාණයක් වැඩම කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
මෙම මහා ජන සභාව අවසානයේදී ජනාධිපතිවරයා වෙත ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමටද සැලසුම් කර ඇති බව පැවසේ.
#JustinNews www.justinnews.lk